Headline

Wednesday, October 4, 2017

බැදුම්කර වංචාවට ඇන්ජලෝ මැතිවුස් ගෑවේ.. බැදුම්කර කොමිසමේදී ප‍්‍රශ්න කෙරේ(VIDEO)




බැදුම්කර වංචාවට ඇන්ජලෝ මැතිවුස් ගෑවේ.. බැදුම්කර කොමිසමේදී ප‍්‍රශ්න කෙරේ..(VIDEO)
පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගෙම් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයේ තිබූ දත්ත ඇසුරින් කරන ලද පරීක්‍ෂණ වලදී එහි තිබූ RK හා AM කෙටි යෙදුම් සම්බන්ධයෙන් බැදුම්කර කොමිසමේදී ප‍්‍රශ්න කරනු ලැබීය.
මෙහිදී AM ලෙස හදුන්වා දී ඇත්තේ අර්ජුන් මහේන්ද‍්‍රන් නොවන්නේ දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුලද ලිවේරා මහතා විමසූ අතර ඊට පිලිතුරු ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ තමනට කිසිවෙකු AM ලෙස අමතන්නේ නැති බවයි.
AM ලෙස කෙටි යෙදුම්වලින් හදුන්වන බොහෝ දෙනෙකු සිටින නිසා තමනට ඒ ගැන කිසිත් කිව නොහැකි බවද ඔහු පැවසීය.
එහිදී කොමිසමේ සාමාජික විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන විමසා සිටියේ ඇන්ජලෝ මැතිවුස් ඔබගේ බෑණාගේ මිතුරෙකු විය හැකිද යන්නයි.


0 comments:

Post a Comment