Wednesday, October 4, 2017

පෙම්වතා වෙනුවෙන් බර රාත්තල් 350ක් අඩු කරගත් යුවතිය විරූපී වුණු හැටි



Jacqueline Adan කියන්නේ කැලිෆෝනියාවේ ජිවත් වෙන වයස අවුරුදු 30ක තරුණියක්. රූපයෙන් ලස්සන වුණත් වර්ෂ ගණනක් පුරා මහත නිසා මහජනතාව ඇය දෙස බැලුවේ අප්‍රසන්න බැල්මෙන් බව ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

රාත්තල් 500ක බරකින් යුතු ඇය මුල්ම සැත්කමක් කර තිබෙන්නේ 2012 වර්ෂයේ. 2013 වර්ෂයේ සිදු කළ සැත්කමෙන් බර රාත්තල් 100ක් අඩු කරගන්න ඇයට පුළුවන් වෙලා. ඒ වගේම ඉන් පසුව සිදු කළ සැත්කමෙන් බර රාත්තල් 200ක් හා තවත් 50ක් අඩු කරගෙන.

ඇය සාමාන්‍ය යුවතියගේ බර මට්ටමටම ඇයගේ බර අඩු කර ගත් පසුව ඇයගේ පෙම්වතා ඇයට විවාහයට යෝජනාවක් කර තිබෙනවා. එමෙන්ම ඇය විදෙස් මාධ්‍යට පවසා තිබෙන්නේ "මම ගොඩක් මහතට ඉන්නකොට හැමෝම වගේ මගේ දිහා බැලුවේ අප්‍රසන්න විදිහට.. සැත්කම් වලින් බර අඩු කරගත්තා. නමුත් මගේ අත්දෙකේ හා පාදයේ බඩේ හම වයසක කෙනෙක්ගේ වගේ එල්ලා වැටෙනවා. මගේ පෙණුම තරමක් දුරට ඒ නිසා විරූපී වෙලා. එල්ලෙන හම පෙනෙන්න මම විලාසිතා කරනවා. ඒවා දකින අය තවමත් මගේ දිහා බලන්නේ අප්‍රසන්න විදිහට. කොහොම නමුත් මම බර අඩු කරගත්තා වගේම එල්ලෙන හම ඉවත්කරගන්න සැත්කම් කරනවා. ඊට පස්සේ මටත් ලස්සනට ඉන්න පුළුවන්..මම මේ දේ කර ගත්තේ මගේ පෙම්වතා වෙනුවෙන්.." කියලයි.

ඒ වගේම එල්ලෙන සම ඉවත් කිරීමටත් මේ වනවිට සැත්කම් 3ක් සිදු කර තිබෙනවා. තවත් සැත්කම් සිදු කිරීමට නියමිතව තිබෙන බවයි ඇය කියන්නේ.සම එල්ලා වැටෙන නිසා ශරීරයේ බිබිලි වරින් වර මතුවන බවත් ඇය කියනවා. ඒ වගේම සාමාන්‍ය යුවතියක් වගේ ලස්සනට ඉන්න ඇය උත්සහ කරන බවත් දිනකට හතරවතාවක් ව්‍යායාම කරන බවත් කියනවා.






0 comments:

Post a Comment